පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ උඩරට සහ උතුරු මාර්ගයේ දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු වැඩි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.

වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම මහතා අද (07) පෙරවරුවේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේදී වැඩ භාර ගන්නා ලදි.

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ලබන 31 වැනිදායින් පසු සාමාන්‍ය කාලසටහන් යටතේ මගී බස් රථ සේවා ධාවනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රියදුරු පුහුණුව ලබා දෙන ආයතනවල පවතින , අඩුපාඩු සම්බන්ධයෙන්‌, සොයා බලන බව, රාජ්‍ය අමාත්‍ය දිලුම්‌ අමුණුගම මහතා පවසයි.

දෙමළ ජනාතාවගේ ගැටළු වලට විසඳමු ලබා ගැනීමට සැබෑ ලෙස අවශ්‍ය නම් විග්නේෂ්වර්න් වැනි ජාතිවාදී අදහස් දරන්නන් තෝරා ගැනීමෙන් වැළකිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීම වඩා සුදුසු යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි. සන්ධානයක් වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවත් එහිදී පොහොට්ටුව සලකුණ ඉවත් කිරීමට අවශ්‍යතාවක් පැන නොනඟින බවත් ඔහු අවධාරනය කළේය.

නව අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව අද (01) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පොහොට්ටුව සලකුණ අපට පමණක් පොදු සලකුණක් යැයි විශ්වාස කළ යුතු නැහැ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දායකත්වයක් ලබා දුන්නා යැයි අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමග කොන්දේසි විරහිතව එක් වීමට අප කටයුතු කරන්නේ නැහැ. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ජයග්‍රහණය කළ පසු කොන්දේසි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා සහයෝගය ලබා ගැනීමට පෙර කොන්දේසි මොනවා දැයි නිසියාකාරව පරික්ෂා කිරීම කළ යුතු වෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී සුළු පක්ෂ රාශියක් අපට සහයෝගය ලබා දුන්නා. වෙනසක් අවශ්‍යය යන කාරණය ජනතාව ඔප්පු කළා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අභියෝගයක් නොවනු ඇති.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා කළේ ජනාධිපතිවරයා වෙනස් කිරීමට පමණක් නොව එම රජය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි. සුළුතර රජයක් වන අපට අපගේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී බහුතර රජයක් අවශ්‍ය වන බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest News