නව ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා වැඩ අරඹයි

මාර් 07, 2022
    වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම මහතා අද (07) පෙරවරුවේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේදී වැඩ භාර ගන්නා ලදි.
    වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ, අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තමා වෙත සුවිශේෂී වගකීමක් භාර දී ඇති බවත්, තමාගේ යුතුකම වන්නේ ඒ වගකීම් මැනවින් ඉටු කිරීම බවයි.

    Latest News