TNA - විග්නේෂ්වරන් වසර හතරාමාරක් දෙමළ ජනතාව ගොනාට ඇන්ඳුවා: කළ කිසිවක් නැහැ

දෙසැ 18, 2019

    දෙමළ ජනාතාවගේ ගැටළු වලට විසඳමු ලබා ගැනීමට සැබෑ ලෙස අවශ්‍ය නම් විග්නේෂ්වර්න් වැනි ජාතිවාදී අදහස් දරන්නන් තෝරා ගැනීමෙන් වැළකිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ඔහු ඒ බව සඳහන් කළේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අදහස් දක්වමින්............

    “විග්නේෂ්වර්න් මැතිතුමාලා ඒ වගේම TNA එකේ සියලු දෙනා පසුගිය අවුරදු හතර හමාර තුළම කෙරුවේ දෙමළ ජනතාව ගොනාට අන්දපු එක.

    පසුගිය දිනවල ගංඟවතුර තත්ත්වය ගැන බලන්න නැගෙනහිරට ගියපු වෙලේ අවුරුදු හතර හමාරේම ඒ මිනිස්සුන්ට කිසිම දෙයක් කරලා නෑ. මැතිවරණයට පස්සේ පැත්ත පළාතේ ගිහිල්ලා නෑ. හැබැයි ඡනද් ගොඩ වැඩි කිරීම සඳහා ජාතිවාදී ප්‍රකාශ කරනවා.

    මේ වතාවේ ඒ අයගේ ඡන්දව නැතුව අපි ජයගත්තා. ඒ නිසා ඉදිරිමැතිවරණයේදීත් අපි පැහැලිදිවම ජය ගන්නවා. ඉදිරි මැතිවරණයෙන් පස්සේ දෙමළ ජනතාවට සේවයක් විය යුතුයි නම් ඒ අය අපේ පැත්තේ හිට ගන්න ඕනේ.

    ඒ අය නිදහස් කරලා පෙන්නුවේ අපි. එම පළාත් සංවර්ධනය කරලා පෙන්නුවේ අපි. අදටත් ගිහිල් බඩු ටික බෙදන ඒක කරන්නෙත් අපි. දෙවරක් හිතන්න අවශ්‍යයි මේ දෙමළ ජනතාව වැඩ කරන්නේ නැති නායකයින් පත් කරගෙන වලපල්ලට යන්නේ නැතුව“ ඉන්න යැයි ඔහු කියා සිටියේය.

     

     

    Latest News