ඇමති දිලුම්, දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල ඉහළ නැංවීම අත්හිටුවයි

මාර් 25, 2022

    පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ උඩරට සහ උතුරු මාර්ගයේ දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු වැඩි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.

    නගරාන්තර දුම්රිය ද මීට ඇතුළත් වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ දුම්රිය ස්ථාන වෙත දන්වා තිබුණේ පසුගිය 23 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු සංශෝධනය බල පැවැත්වෙන බවයි.

    නමුත් එම ගාස්තු වැඩිකිරීමට අවශ්‍ය තොරතුරු අමාත්‍යංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත් හිටවූ බව ඇමතිවරයා පවසයි.

    ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡා කොට ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි. දුම්රිය ගාස්තු වැඩි කරනුයේ ඉන්ධන මිළ වැඩිවීම පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි ප්‍රවාහන අමාත්‍ය අමුණුගම මහතා පවසයි.

    Latest News