දයාසිරිගේ තනතුරු ගැලවෙයි

සැප් 06, 2023

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තමා ඉවත් කර ඇති බවත්, නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇති බවත් දයාසිරි ජයසේකර මහතා ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.


    සිය පක්ෂ සාමාජිකත්වය සහ තනතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇති බවට තමන් වෙත දැනුම් දී ඇති බව දයාසිරි ජයසේකර මහතා නිල වශයෙන් සිය ට්විටර් ගිණුම මගින් දැනුවත් කර තිබෙනවා.
    තවදුරටත් තමන් පක්ෂපාතීව කටයුතු කරන අතර, ජනතාව වෙනුවෙන් පක්ෂ සාමූහික තීරණයක් ගන්නා ලෙස පමණක් තමන් ඉල්ලා සිටින බවද පණිවුඩයේ සඳහන්.

     

    Latest News