නිරෝධායන නීති උල්ලංඝනය කළ 23 දෙනෙකු අත්අඩංගුවට

දෙසැ 22, 2020

    ගත වූ පැය 24 ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳ වූ සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 23 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

    එමෙන්ම පසුගිය ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ 1675 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

    විශේෂයෙන් එළඹෙන උත්සව සමයේ නිරෝධායන නීතිවලට ගරු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි

    Latest News