ඇඳිරි නීතිය කඩකරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

මාර් 31, 2020

    ඇඳිරි නීතිය උල්ලංගනය කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

    තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව එම මූලස්ථානය සදහන් කළේය.

    අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැරදිකරුවන් වුවහොත් සිර දඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති.

    මීට අමතරව ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ඇතුළු තවත් අවශ්‍යතාවය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමටද නියමිතයි.

    මේ අතර පොලිසිය භාරයට ගනු ලබන වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් අදාල පොලිස්ස්ථානවල රැදවා තැබීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News