ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් ගණන 8451 ක් (වීඩියෝ)

අප්‍රේ 01, 2020
  • ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ(31) උදෑසන 6 සිට අද(01) උදෑසන 6 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 1093 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    මේ අතර ගත වු පැය 24 ක කාලය තුළ වාහන 310 ක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

    පසුගිය මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 2078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on බදාදා, 01 අප්‍රේල් 2020 20:47

    Latest News