ගතවු පැය 24 තුළ ඇඳිරිනීතිය කඩා 1107ක් අත්අඩංගුවට

අප්‍රේ 07, 2020

    ඊයේ(06) උදැසන 6 සිට අද(07) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1107 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

    එම කාලය තුළ වාහන ද 326ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 15902ක්.

    දිවයින පුරා වාහන ද 3991ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පවසයි.

    Latest News