වයස අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයින්ට කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට (24) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

තවත් 2,100කට සුවයි

අප්‍රේ 19, 2024

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 2,161 දෙනෙක් රෝහල්වලින් පිටවී ගොස් තිබේ.

ගර්භණී කාන්තාවන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම අද (09) උදෑසන පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ විය.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් අද (09) අළුයම 5.00ට පමණ ශ්‍රීලංකාවට රැගෙනවිත් තිබේ.

කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 919,753 එන්නත ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 650,991 ට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

WHO කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන පලමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

Latest News