කොවිඩ්19 එන්නත 919,753කට ලබා දී අවසන්

අප්‍රේ 01, 2021

    කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 919,753 එන්නත ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    එන්නත ඊයේ ලබාදුන් සංඛ්‍යාව 6534ක්. එන්නත්කරණය අද සිදුකෙරෙනුයේ 63 දිනටයි.

    විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර...

    "සයිනෝෆාර්ම් එන්නත චීනය වගේම තවත් රටවල් කිහිපයක ලබාදීම දිගින් දිගටම සිදු වෙනවා. ඒ නිසා මෙය විශාල ජන කණ්ඩායමකට ලබා දීලා ඒ ජන කණ්ඩායම් වල මෙය සාර්ථකව රෝගය වළක්වා ගැනීමට හැකියාවක් තියනවයි කියන එක ඔප්පුවෙලා තියනවා. ඒ නිසා අපේ රටවල්වලට මේ එන්නත ලබාදෙන්නේ ප්‍රදානයක් වශයෙන්. ඇත්ත වශයෙන්ම එය අපේ කටත් සමග ඒ රටවල් වල තියෙන හොඳ හිත පවත්වා ගැනීම වගේම අපේ රටට තියෙන පිළිගැනීම නිසා තමයි ඒ විදියට ප්‍රදානයක් ලැබෙන්නේ. යම්කිසි විදියකින් කෙනෙකුට සැකයක් හෝ චකිතයක් තියෙන්න පුළුවන්. මේ එන්නත් ලබා දෙන්න අපේ රටවල් වල අත්හදා බැලීමට කියලා. එය එසේ නොවේ. මෙයට ලබා දීමේදී අවශ්‍ය පර්යේෂණ සිදුකර ඒ පර්යේෂණ මට්ටමෙන් එන්නත් ලබා දිමෙන් පස්සේ පර්යේෂණ මට්ටමින් සිදු කරපු ඒ එන්න ලබාදීම වල තියෙන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පස්සේ තමයි මේ එන්නත් ලබා දීම සිදු වෙන්නේ.

    Latest News