කොවිඩ්19 එන්නත මේ දක්වා මෙරට 650,991 ට එන්නත් ලබාදී අවසන්

මාර් 05, 2021

    කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 650,991 ට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    කොවිඩ් එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ 36 වැනි දිනටයි. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 51000ක පිරිසක් ඇතුළත්.

    සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලියනගේමුල්ල උතුර සහ ලියනගේමුල්ල දකුණ යන ප්‍රදේශවලත් ඇතුල් කෝට්ටේ 521 සහ 521 A යන ග්‍රාම සේව වසම්වලටත් ගම්පහ රතුපස්වල ග්‍රාම නිලධාරී වසමටත් අද එන්නත් ලබා දීම ක්‍රියාත්මකයි.

    මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් 33,000 කට අධික පිරිසකට එන්නත් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කළා. පොලිස් නිලධාරීන් සම්බන්ධ එන්නත් කරන කටයුතු අදත් ක්‍රියාත්මකයි.

    Latest News