තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක්

ජූනි 09, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් අද (09) අළුයම 5.00ට පමණ ශ්‍රීලංකාවට රැගෙනවිත් තිබේ.


    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය කටුනායක බණ්ඩාරනාය ගුවන් තොටුපළට රැගෙන පැමිණි බව වාර්තාවේ.

    පසුගිය 06 වනදා ද මෙම සයිනොෆාම් කොවිඩ් එන්නත් මිලියනයක් මෙරටට රැගෙන එනු ලැබිණි.

    එම එන්නත් තොගය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක රැසක එන්ත්කරණ කටයුතු සදහා යොදා ගැනීමට නියමිතය.

    Latest News