මෙරට කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පිරිස කෝටිය ඉක්මවයි

සැප් 10, 2021

    මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.



    ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    මේ අතර කෝවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ පිට පිට දෙවැනි සතියටත් ශ්‍රී ලංකාව ලෝකයේම පළමුවැනි ස්ථානයට පත්ව තිබේ. එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ද ලෝකයෙන්ම පළමු ස්ථානය ගෙන තිබිණි. මෙරට ජනගහනයෙන් සියයට එකොළහයි දශම හයක ප්‍රතිශතයකට පසුගිය සතියේදී පමණක් එන්නත දී ඇති බවට ගෝලීය කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි සඳහන් කර තිබේ.

    Latest News