වැටුප් රහිතව දේශීය සහ විදේශීය නිවාඩු ලබාගත් රාජ්‍ය නිලධාරීන් යළි සේවයට වාර්තා කිරීමේදී ඔවුන් නිවාඩු ලබා ගැනීමට පෙර සිටි ජ්‍යෙෂ්ඨතාව සැලකීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

2023 පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාර දුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් සඳහා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී සහ රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව, රජය පවසනවා.

සිකුරාදා රාජ්‍ය සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවිමට ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී තිරණය කර තිබේ.

කොරෝනා රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් රාජ්‍ය පාරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ දිසාපතිවරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාමනිලධාරීන් දැනුවත් කර ඇති බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

පහේ ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින සියලු දරුවන්ට අනිවාර්ය නොවන බවට සඳහන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Latest News