රාජ්‍ය සේවකයින් යළි කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

ඔක් 01, 2021

    රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.


    රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

    එම චක්‍රලේඛය අනුව, රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවීමේ දී ගර්භණී නිලධාරිනියන්, කිරි දෙන මව්වරුවන් හා විශේෂ රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට නොකැඳවීමට කටයුතු කළ යුතුය.

    එවැනි නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවල දී පමණක් සිදුකළ යුතු අතර එවැනි අවස්ථාවන්හිදී සේවයට පැමිණීමට හා පිටවීමට විශේෂ කාල සීමාවක් ලබාදීමටත් විශේෂ පහසුකම් ලබාදීමටත් කටයුතු කළ යුතුය.

    නිසි සෞඛ්‍ය උපදෙස් අනුමනය කරමින් ආයතනික කාර්ය මණ්ඩල මෙන්ම සේවාලාභීන් ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

    නිකුත් කරන ලද සම්පුර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.

    L1.jpg

    L-2.jpg

    L-3.jpg

     

     

    Latest News