රාජ්‍ය වියදම් පාලනයට අදාළ චක්‍රලේඛයේ විධිවිධාන අනුව ක්‍රියාත්මක වීම අනිවාර්යයි

අගෝ 15, 2022

    රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව, රජය පවසනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, පරිභාහිර රාජ්‍ය වියදම් සඳහා ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැදෙන බවයි.

    ‍"රාජ්‍ය වියදම් පාලනය කිරීම" යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා අප්‍රේල් 26 වැනිදා දාතමින් යොමු කළ ජාතික අය වැය චක්‍රලේඛයේ විධි විධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි, ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද දින ලිපියන් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනුම් දීම සිදු කර තිබෙනවා.

    Latest News