බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

පෙබ 23, 2021

    කොව්ඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහණයෙන් මිලියන 14කට කොවිඩ් 19 එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

    වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය. කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත ලබා ගැනීම කඩිනම් කිරීම සඳහා කොවැක්ස් යාන්ත්‍රණය ඉදිරිපත් කර ඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට අත්සන් තැබීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

    මීට අමතරව,ඉන්දියාවේ ද සේරම් ඉන්ස්ටිටිවුට් සයන්ස් පෞද්ගලික සමාගමෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5කට මිල දී ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

    මහා බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා ආයතනය නිෂ්පාදනය කළ කොවිඩ් 19 එන්නත් මිලියන 3.5ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවට එම ආයතනය සමග ගිවිසුමකට එළඹීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

    Latest News