දිනේෂ්ට සහ දුලාන්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

සැප් 07, 2021

    ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට සහ ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    ජයග්‍රහණය කරන ලද ක්‍රීඩකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනාට මෙලෙස මූල්‍ය ත්‍යාග පිරි නැමීමට තීරණය කර ඇත.

    Dinesh and Dulan 900px 21 0

    Latest News