බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගම, ජපන් ආයෝජකයෙක් හා එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය

මාර් 02, 2021

    කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ආයෝජකයෙක් නම් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද මේ වන තෙක් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙක් පත් කර නොමැත.

    කැබිනට් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, වරාය හා නාවික අමාත්‍යවරයා විසිනි.

    Latest News