සියලුම බස් රථවල මහජනතාවට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ගීත තැටි හා වීඩියෝ පට ප්‍රදර්ශනය නැවැත්වීම සඳහා ජනවාරි මස 15 තෙක් අපි කල් ලබාදී තිබේ.

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

ජනවාරි පළමුවැනිදා සිට පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීතය තහනම් කෙරේ.

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ජල පහරට හසුව ගසා ගෙන ගිය පෞද්ගලික බස් රථයක් ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්විමෙන් බෙරාගෙන තිබේ.

අද මධ්‍ය රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්රථවල මගී ගමන් ගාස්තු අඩුකර තිබේ.

සීගිරිය සිට කැකිරාවට පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (11) උදේ දඹුල්ල රන්දෙනි වැව ඇල මාර්ගයෙන් ඉවතට පෙරළී සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සේවාවල ගාස්තු ද සියයට 02 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඉන්ධන මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද (07) පැවැත්වේ.

Latest News