මගීන් සමඟ ජල පහරකට ගසාගෙන ගිය බස්රථයක් බෙරා ගනි (විඩියෝ)

දෙසැ 21, 2019
  • පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ජල පහරට හසුව ගසා ගෙන ගිය පෞද්ගලික බස් රථයක් ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්විමෙන් බෙරාගෙන තිබේ.

    මාදුරුඔය සිට කොළඹට පැමිණි මෙම පෞද්ගලික බස් රථය පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී එකවර ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇත.

    කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් සහ කාන්තාවන් ඇතුළු 54 දෙනෙකු එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි බව වාර්තාවේ.

    එ අනුව කඩිනමින් ක්‍රියාත්මක වු පොලීසිය, යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් එක්ව බස් රථය බේරා ගැනීමට සමත්ව ඇත. එහි සිටි කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදු නොවු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

     

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 17:42

    Latest News