අධිවේගයේ බස් ගාස්තු අද මැදියමේ සිට පහළට

නොවැ 15, 2019

    අද මධ්‍ය රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්රථවල මගී ගමන් ගාස්තු අඩුකර තිබේ.

    අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම බස්ගාස්තු අඩු කිරීම රුපියල් 10 - 20ත් අතර ප්‍රමාණයකින් සිදු කෙරෙන බවයි.

    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා..

    මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් ඇමතිතුමා 2019 නොවැම්බර් මස 08 වැනිදා නිකුත් කළ අංක 2148/47 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරනා බස්රථවල ප්‍රවේශ ගාස්තු අඩු කර තිබෙනවා. ඒ අඩු කිරීම රුපියල් 600ත් 500ත් අතර ප්‍රමාණයක් වනවා. ඒ අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබා දීමේ අරමුණින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට අද මධ්‍ය රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථවල මගී ගමන් ගාස්තුද අඩු කිරීමටද අපි තීරණය කළා. 

    මේ මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති, ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ඇතුළුව අමාත්‍යාංශ නිලධාරීහු රැසක් එක් වූහ. 

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 15:08

    Latest News