ලංගම සියළු බස් රථ විශේෂ පරීක්ෂාවකට

ජන 08, 2020

    ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ තත්ව පරීක්ෂණයකට භාජනය කරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

    ධාවනයට නුසුදුදු බස්රථ හඳුනාගෙන ඒවා ඉවත් කිරීම ඒ අනූව සිදු කෙරෙනු ඇති. ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත නව බස්රථ ආනයනය කර ග්‍රාමීය මාර්ග සඳහා යෙදවීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    "මේ රටේ ජනතාවට වැඩිම සේවාවක් ලබාදෙන්නේ ලංගම බස්රථ. විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනයට පුද්ගලික අංශයට වඩා ගමනා ගමන මණ්ඩලය කැප වෙනවා. අපේ ප්‍රධාන අරමුණ ජනතාවට ගමන් පහසුව ලබාදීම මිස ලාභ ලැබීම නොවේ. "

    ලංගම සභාපතිවරයා පස්සර, මඩොල්සිම මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුර පිළිබඳ තොරතුරු සොයා බැලීමට එහි ගිය අවස්ථාවේ මේ අදහස් පළ කළේය.

     

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 14:53

    Latest News