ලංගම ගාස්තුව 2කින් පහළට

නොවැ 08, 2018

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සේවාවල ගාස්තු ද සියයට 02 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාවට නැංවෙනු ඇත.

    ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් අඩු වීමත් සමඟ පුද්ගලික බස්රථ ගාස්තු ද අද මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහත හෙලන බව බස් සංගම් ඊයේ (07) දැනුම්දෙනු ලැබීය.

    ඒ අනුව රුපියල් 12 අවම ගාස්තුව, රුපියල් 15, 20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් වීමක් සිදුනොවන අතර රුපියල් 25 හේ සිට අනෙකුත් ගාස්තු අවස්ථා රුපියලේ සිට වෙනස් වනු ඇත.

    Latest News