බස්රථයක් පෙරළි සිසුන් දඹුල්ල රෝහලට

ඔක් 11, 2019

    සීගිරිය සිට කැකිරාවට පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (11) උදේ දඹුල්ල රන්දෙනි වැව ඇල මාර්ගයෙන් ඉවතට පෙරළී සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල දරුවන් හැත්තෑවක් පමණ සිට ඇත.

    බස් රථයේ පෙරලෙනවාත් සමඟ අසල තිබූ කොහොඹ ගහකට වැදිමෙන් අනතුර අවමවී ඇතැයි පොලීසිය පවසයි.

    රන්දෙනිය වැව සිට ඇලමාර්ග පාරක් ඔස්සේ බස් රථය ධාවනය වෙමින් තිබියදී ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබේ. බස් රථයේ සිටි පාසල් සිසු සිසුවියන් කියාසිටියේ එක වැරම බස්රථය පෙරළී ගිය බවත් එම ස්ථානයේ සිටී ජනතාව බස් රථයේ වීදුරු කඩා දරුවන් එළියට ගෙන තිබේ.

     

    Latest News