වවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අද (05) අළුයම සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80ක පමණ ප්‍රපාතයකට  පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මිය ගොස් තවත් දෙළොස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි. 

පාසල් සිසුන් පිරිසක් රැගෙන මාතර සිට ගමන් කරමින් තිබූ බස් රථයක් වලස්මුල්ල, හඳුගල, හිඟුරුවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේ දී සිදුවූ බස් අනතුරකින් මගීන් 12 දෙනෙක් හා රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුර සිදුව ඇත්තේ, අද (06) පෙරවරු 9.00ට පමණ.

හැටන් සිට මහනුරව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 20 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

පස්සර අනතුරින් මියගිය අය වෙනුවෙන් අවමංග්‍යාධාරයක් සහ වන්දි මුදල් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

යාපනය, නුවර ඒ 9 මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල තිබූ බස් නැවතුම්පොලක් කඩාගෙන අසළම තිබූ වෙලදසැලකට කඩාගෙන ගොස් තිබේ.

අපොස සාමාන්‍ය පෙළ අවසන් විෂයට පෙනී සිටීම සඳහා බස් රථයකින් ගමන් කළ සිසුවෙකු බස් රථයෙන් වැටී රෝහල්ගත කර ප්‍රතිකාර කොට විභාගය ලිවීමෙන් අනතුරුව නැවතත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමේ පුවතක් අද (12) දඹුල්ලෙන් වාර්තා වේ.

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරපු පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයට පෙරළී ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

Latest News