බස්යෙන් වැටී ප්‍රතිකාර ගෙන O/L ලියා නැවත ප්‍රතිකාරයට රෝහලට ආ සිසුවා

දෙසැ 12, 2019

    අපොස සාමාන්‍ය පෙළ අවසන් විෂයට පෙනී සිටීම සඳහා බස් රථයකින් ගමන් කළ සිසුවෙකු බස් රථයෙන් වැටී රෝහල්ගත කර ප්‍රතිකාර කොට විභාගය ලිවීමෙන් අනතුරුව නැවතත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමේ පුවතක් අද (12) දඹුල්ලෙන් වාර්තා වේ.

    විභාගයටට පෙනී සිටීම සඳහා මෙම සිසුවා දඹුල්ල වෑවල වැව මාර්ගයේ ධවනය වු පෞද්ගලික බස් රථයක නැගිමෙන් පසු ධාවනය වෙමින් තිබිය දි කණ්ඩලම පාර සිසිරවත්ත ප්‍රදේශයේදී බිමට ඇද වැටී ඇතැයි පොලිසිය පවසයි.

    මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථය බස් රථයේ රියැදුරු බස් රථයේ කොන්දොස්තරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසියේ වැඩ බලන මූලස්ථානධිපති බී .ආර් .එස් .කේ .මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

    මෙසේ තුවාල ලබා ඇත්තේ කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි සුපුන් මදුශංක නැමතී පාසල් සිසුවෙකි. දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ දි මෙම සිසුවා බස් රථයේ පාපුවරුවේ ගමන් කොට තිබෙන බව පොලිසිය පවසයි. තුවාල ලැබූ සිසුවා බස් රථයෙන්ම දඹුල්ල මූලික රෝහලට රැගෙනවිත් තුවාලවලට බෙහෙත් දමා දඹුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයට පිටත් කර යවා ඇත. විභාගය අවසන් වූ පසු නැවතත් රෝහලට ගෙන විත් ඔහුට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇත.

    මෙම සිසුවාගේ අත්පා වලට සහ මූණට දැඩි හානි සිදුවී තිබෙන බවද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය. තුවාල ලැබූ සිසුවා කියාසිටියේ පාපුවරුවේ ගමන් කරමින් සිටියදී එකවරම තමන්ට ක්ලාන්තයක් ඇතිවීමත් සමග බස් රථයෙන් ඇද වැටුණු බවයි.

    කෙසේ වෙතත් දරුවන් ප්‍රවාහනය කිරීමේදී පාපුරුවේ රැගෙන යෑම බරපතළ වරදක් බවත් බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා එහි වගකීම බාරගත යුතු බව පොලිසිය සදහන් කළේය.

    Latest News