දියගල බස් අනතුරකින් 20ක් රෝහලේ

ජන 14, 2020

    හැටන් සිට මහනුරව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 20 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

    අනතුර සිදුවුනේ අද (14) පෙරවරු 8.00ට පමණ ගිනිගත්හේන,දියගල නායයාමට ලක්වූ ස්ථානයේදීයි. රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණ. දියගල ප්‍රදේශයේ නායගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන නිසා රථ වාහන ධාවනය එක් මංතිරුවකට පමණක් විවෘත කර තිබේ.

    අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ අය අතර කුඩා ළමුන් කිහිප දෙනෙකු සිටින බවත්, තුවාකරුවන් 8 දෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගිය බවත්, සෙසු තුවාලකරුවන් වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    unnamed

    unnamed 4

    unnamed 2

    unnamed 1

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 10:41

    Latest News