ලංගම බසය නැවතුම කඩාගෙන වෙළඳසැලකට..රියදුරුට බරපතලයි

දෙසැ 21, 2019

    හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල තිබූ බස් නැවතුම්පොලක් කඩාගෙන අසළම තිබූ වෙලදසැලකට කඩාගෙන ගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ (20) දින රාත්‍රි 9.30 ට පමණ. රියදුරා අධික ලෙස බිමත්ව පැමිණ ඇති අතර වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. බස් රථයේ රියදුරා අසුනේ සිර වි සිටියදි ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් සහ භට පිරිස් සහ ප්‍රාදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා රියදුරාව බස් රථයෙන් පිටතට ගෙන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

    බස් නැවතුම්පොලට සහ වෙලදසැලට දැඩි අලාභ හානි සිදුව ඇත. වෙලදසැල් හිමියා පවසන්නේ ලබන මස විවෘත කිරිමට තිබූ තම වෙලදසැලතුලට බස් රථය කඩාගෙන විත් අනතුරට පත් විම නිසා රු.ලක්ෂ 5 ක පමණ පාඩුවක් සිදු වි ඇති බවයි.

    කතරගම, සිතුල්පව්ව මාර්ගයේ නිවාඩු නිකේතනයක කාමරයක් තුල දී ඊයේ රාත්‍රී 12.00ට පමණ පුද්ගලයෙකු (47) වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. වෙඩි තබාගැනීමෙන් සියදිවි හානිකරගත් අය සමන්ත කෝනාර නමැත්තෙකු බවට හඳුනාගෙන ඇත. මියගිය පුද්ගලයා හිස ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 09:05

    Latest News