දික්ඔය බස්රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 18කට තුවාළ (වීඩියෝ)

ඔක් 08, 2019

    හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරපු පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයට පෙරළී ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

    හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය. අද (08) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදීය.
    ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලොරි රථයට ඉඩ ලබා දිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරලි ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේය. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි අයහපත් කාලගුණ තත්වයත් පැවති බවයි පොලිසිය පැවසුවේ.
    හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක අද පැවති පූජාවකට සහභාගි වී ආපසු නිවස කරා යමින් සිටි ළමුන් පිරිසක් සහ ඔහුන්ගේ දෙමාපියන් පිරිසක් මෙසේ තුවාල ලබා තිබේ.


    අනතුරෙන් තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩවල පසුවන අය වන බව වාර්තාවේ. තුවාල ලැබු පාසල් සිසුන්ගේ සහ වැඩිහිටියන්ගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
    අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 19:42

    Latest News