බස් රථයක් පෙරළී තිදෙනෙක් මරුට - 17ක් රෝහලේ (වීඩියෝ)

නොවැ 05, 2022
  • වවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අද (05) අළුයම සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතර කාන්තාවන් නවදෙනෙකුද සිටිනවා.තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

    යාපනය සිට කොළඹ බලා ධාවනය වු එම බස් රථය නොච්චිමොටෙයි පාලමේ ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා. මියගිය අය අතර බස් රථයේ රියදුරාද වන බවයි වාර්තා වන්නේ.

    මේ අතර බස් රථය පෙරළි ඇති ස්ථානය නිරීක්ෂණය කරමින් ධාවනය වූ තවත් සුඛෝපභෝගී බස් රථයක්ද අදාළ ස්ථානයේදීම මාර්ගයෙන් ඉවතට පැන අසළ ගසක වැදීමෙන්ද අනතුරට ලක්ව තිබෙනවා.

    කෙසේවෙතත් එම බස් රථයේ සිටි කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 11:04

    Latest News