බස් රථයක් අනතුරට...සිසුන් 15ක් රෝහල් ගත කෙරේ

මාර් 18, 2022

    පාසල් සිසුන් පිරිසක් රැගෙන මාතර සිට ගමන් කරමින් තිබූ බස් රථයක් වලස්මුල්ල, හඳුගල, හිඟුරුවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

    අනතුරෙන් සිසුන් 15කට වැඩි පිරිසක් සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

    එම බස් රථයේ සිසුන් 30කට ආසන්න පිරිසක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමව්පියන් 6දෙනෙක් සිටි බවයි, වාර්තා වන්නේ.

    බස් රථයේ තිරිංග අක්‍රියවීමෙන් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

    Latest News