පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුළුවී කළහකාරී ලෙස හැරීම සම්බන්ධයෙන්  කොළඹ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී කපුගීකියනගේ කුලතිස්ස යන අය කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

update

රුපියල් ලක්ෂ 720ක අඟරු චෙක්පත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්දන් මහතාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඇප ලබා දී තිබේ.

දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.

මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්වාන හංදියේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

මාලිගාවත්ත - බෙත්තාරාම ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 210ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

කොච්චිකඩේ - තක්කියා පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සමග හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 60ක් අත්අඩංගුවට ගැනිණ.

මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂා විතානගේ ඇප මත නිදහස් කෙරුණි.ඒ අනූව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

මේජර් අජිත් ප්‍රසන්න මහතා පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයට ගොස් ඇති අතර එහි දී පහරදීමක් සිදුවු බවට ප්‍රකාශ කරමින් කොල්ලුපිටිය පොලීසියේ පැමිණිල්ලක් ගොනුකර තිබිණ.

එම පැමිණිල්ලට අනූව, අද පෙරවරුවේ කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගිය පාලිත තෙවරප්පෙරුම මහතා හා හේෂා විතානගේ මහතාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ.

 

.......................................................

මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන තිබේ. 

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක වටිනාකමින් යුත් විදෙස් මුදල් නෝට්ටු තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ විදේශීය ගමන් මගියෙකුට අද කටුනාක ගුවන් තොටුපොලේ දි රේගු අත්අඩංගුවට ගැනුණි.

හෙරොයින් ගුලි ගිල දමා මෙරටට පැමිණ පකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News