තහනම් දැලෙන් මාළු ඇල්ලූ 11කට මාංචු

පෙබ 06, 2019

    කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී, ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්‍රා 04 සහ අල්ලන ලද මසුන් 2487kg ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා රජයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි. සාගර මත්ස්‍ය සම්පත රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයයෙන් සිටියි.

    Latest News