කොරෝනා උවදුර රටෙන් පහව යනතුරු නිරෝධායන හා සෞඛ්‍ය නීති කඩ කිරීම් සම්බන්ධ වැටලීම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අද උදේ 6:00 න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ආදරවන්තයින්ගෙන් දිනය නිමිත්තෙනන් අන්තර්ජාලය හරහා ඇතැම් පුද්ගලයින් මුදල් වංචා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එවැනි වංචාකරුවන්ට නොරැවටෙන ලෙසත් පොලිස්මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව ඊයේ (05) දිනයේ ද විශේෂ වැටලීම් කිහිපයක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නිදහස් දින සැමරුම් පෙරහුරුව නිමිත්තෙන් කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

නිරෝධයාන නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව සෞඛය පුරුදු නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස පොලීසිය අවධාරණය කරයි.

නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ හා පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නත්තල් උත්සවය නිමිත්තෙන් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

කොළඹ නගරයේ සංඥා ලාම්පු අසළ සිට ව්‍යාපාරයක් ලෙස යාචකයින් සේ පෙනී සිටින්නන් සොයා අද සිට මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Latest News