ඇඳිරිනීතිය සමයේ,මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ සමාජ ජාලා ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ප්‍රචාරණය කරන්නන්ට වසර 2ක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට හැකි සඳහන් වේ.

අප්‍රේල් 10 වැනි දින සිට 15 වැනි දින දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත්, එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත්, එමෙන්ම ආහාර සැපයීම්,බෙදාහැරීම සේවා, මාර්ග ගත ඇණවුම්, බේකරි නිෂ්පාදන වාහන ආදී කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන බවත්, කිසිඳු වෙළෙඳ සැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානම් සහිත මහල් නිවාස සංකීර්ණවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ සිදු කෙරිණ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

විනෝද චාරිකවලට දායකවන රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Latest News