නිරෝධ නීති කඩ කරන්නන් අත්අඩංගුට ගැනීමේ මෙහෙම් අදත් ක්‍රියාත්මකයි

පෙබ 01, 2021

    නිරෝධයාන නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන...

    " ඊයේ දිනයේදී මුහුණු අවාරණ නොපැළඳි දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් විසි පස් දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 2930ක් පමණ වෙනවා. මේ මෙහෙයුම් අද දිනයේ ද විශේෂයෙන් ම කොළඹ නගරය බස්නාහිර පළාත සහ මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් ඇන්ටිජෙන් පරීක්ෂණවලට යොමු කිරීමේ මෙහෙයුම ඒ වගේම මාළු එළවළු වෙළෙඳපොළ ආශිතව සේවය කරන අය එමෙන්ම සති පොල තොග වෙළෙඳ මධ්‍යස්ථාන ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන අශ්‍රිතව සේවය කරන අය රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණවලට යොමු කිරීමේ මෙහෙයුම ඒ වගේම පාසල් බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් සහායකින් රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ වලට යොමු කිරීම කොළඹින් පිටත්වන දුර ගමන් සේවා බස් රථ වල මගින් සහ රිදුරන් රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ වලට යොමුකිරීම ඒ වගේම පොදු ස්ථානවල ගැවසෙන මහජනයා අහඹු ලෙස තෝරාගෙන අපිට රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ වලට යොමු කිරීම මේ මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක ලබනවා.

    Latest News