දිවයි‍නේ විවිධ ප්‍ර‍දේශවල මත්ද්‍රව්‍ය වැටලීම්

පෙබ 06, 2021

    මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව ඊයේ (05) දිනයේ ද විශේෂ වැටලීම් කිහිපයක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනූව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා කිලෝ 18ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කොළඹ 09 සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    මේ අතර පානදුර උතුරු පොලිස් ස්ථානය මගින් හොරේතුඩුව ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබේ.

    Latest News