2020 හෙටින් අවසන් වුවද රංචු ගැසී විනෝද වෙන්න එපා..

දෙසැ 30, 2020

    නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ හා පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණයට ද යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

    මේ වන විට පොලිස් බල ප්‍රදේශ 09ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබේ.

    නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ද තවදුරටත් ක්‍රියාත්මක බවයි, අජිත් රෝහණ මහතා අවධාරණය කරන්නේ.

    Latest News