ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කර ඇති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට අදාළ වාචික දේශන අද අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පෙරවරුවේ තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

විසි වෙනි ව්‍යාවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (29) අරලියගහ මන්දිරයේදී පැවසීය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අද ඇරඹෙයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් අද දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 18ක් ඉදිරිපත් වී තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15 ) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දෙන ලදී.

Latest News