20 සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

සැප් 29, 2020

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අද ඇරඹෙයි.

    අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් එය සිදු කිරීමට නියමිතයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ, පසුගිය 22 වැනි දිනයි. එතැන් සිට ඒ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගවලට සහතික කාලයක් හිමිවිය.

    එම කාලය තුළ අධිකරණයට පෙත්සම් 39ක් ගොනු කර තිබේ. ඊයේ දිනයේ පමණක් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 21ක්. එමෙන්ම,එම පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සම් ද 36ක්ද ගොනු කර තිබේ.

    එම පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලයි.

    Latest News