20 වැනි සංශෝධනය ගැන කමිටුවේ වාර්තාව කැබිනෙට්ටුවට

සැප් 16, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අලුතින් එක් කළ යුතු කරුණු සහ සංශෝධනය විය යුතු කරුණු පිළිබඳව අදාළ වාර්තාවේ සදහන්.

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළේ ය.

    ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු ද ඇතුළත් වේ.

    Latest News