20 වැනි සංශෝධනය පළමුවර කියවීම හෙට

සැප් 21, 2020

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඉන් පසු ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    එසේම කිසියම් පාර්ශවක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුය.

    Latest News