20 සංශෝධනයට එරෙහි පෙත්සමක් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

මාර් 10, 2021

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කර ඇති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරේ.

    අග විනිසුරුවරයා විසින් නම් කර ඇති විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී.නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු කටයුතු කරති.

    මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 12 වනදා සලකා බැලීමට නියමිතය.

    විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    20 වන සංශෝධනය සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් මේ තුළින් අධිකරණ ස්වාධීනත්වය අනතුරට ලක් වී ඇති බවත් සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Latest News