CID යේ රවිගේ පුටුව වෙදසිංහට

දෙසැ 28, 2019

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. එන්. ජේ. වෙදසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

    පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරිම සිදුකර ඇත. මෙම පත් කිරිමට අමතරව තවත් උසස් පොලිස් නිළධාරීන් 51 දෙනෙකුට ස්ථාන මාරුවීම් කර ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙලෙස ස්ථාන මාරු කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා උසස් කර ඇති බව වාර්තාවේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මේ මස අවසානයේ විශ්‍රාම යෑමට නියමිතයි.

     

    Latest News