නව මහ බැංකු අධිපතිගේ 2020 අපේක්ෂාව

දෙසැ 27, 2019

    2020 වසරේදි ආර්ථික වර්ධන වේගය සියයට 4.5 දක්වා වැඩි වනු ඇති බවට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

    සිය ධූරයේ වැඩ භාරගැනිමෙන් පසු පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපතිවරයා වේ.

    දැනට අර්බුදයට ලක්ව මුහුණ දි සිටින මූල්‍ය ආයතන වලට ආයෝජකයන් සොයා ගැනීමට යම් කාලයක් ලබා දෙන බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. එය නව රජය යටතේ එය සුභදායී ලෙස සිදුවනු ඇතැයි ඔහු පැවසීය.

    මේ අතර ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ද රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී අද රාජකාරි ආරම්භ කළේය.

    ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ධුරයට පත් නීතිඥ කිංස්ලි රණවක මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

    ජාතික ලොතරුයි මණ්ඩලයේ නව සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ද අද පෙරවරුවේ සිය ධුරයේ වැඩභාර ගත්තේ කොළඹ පිහිටි ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදීයි.

    Latest News