කඩිනමින් දේශපාලන ස්ථාවරත්වය ඇති නොවුනොත් ආර්ථික අර්බුදය තවත් දරුණු වෙයි - මහ බැංකු අධිපති  

මැයි 11, 2022

    රට තුළ පසුගියදා ඇති වූ සිදුවීමත් සමඟ පසුගිය මාසක පමණ කාලයක් තුළ රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා සිදු කළ යුතු කටයුතුවල ප්‍රගතිය වෙනත් දිසාවකට යොමුවූ බව මහ බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

    රට තුළ නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් එය රටේ ආර්ථික ස්ථාවරත්වයට බලපෑමක් එල්ල කරන බවත්, රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් ඉතා ඉක්මනින් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිමට නොහැකි වුවහොත් ආර්ථික කළමානකරණය කිරීමේදී තවත් ආරාජික තත්ත්වයට පත්වන බව ඔහු සඳහන් කරනවා.

    දැනට විදුලිය පැය තුනහාමාරක කප්පාදුවක් සිදුවන බවත් ඉන්ධන ගෑස් ඇතුළු ද්‍රව්‍යවල යම් හිඟයක් පවතින බවත්, කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට ප්‍රමාද වුවහොත් විදුලිය කප්පාදුව පැය 10 ක් 12 ක් දක්වා වර්ධනය විය හැකි අතර ගෑස් හා ඉන්ධන හිඟයකට මුහුණදීමට සිදුවන බවද මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවා සිටිනවා.

    මෙම දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවට වගකීමක් ඇති බවත්, එය හැකි ඉක්මනින් සිදුවිය යුතු බවත් බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් අවධාරණය කරනවා.

    Latest News