ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා අත්අඩංගුවට

දෙසැ 27, 2019

    ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

    ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මොහු 11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි. හමුදා සේවයෙන් විශ්‍රමික වන මොහු හෙට මොරටුව උසාවියට ඉදිරිපත් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

    Latest News