ජනාධිපතිවරණයට පෙර රු. 85 ක් වු සහල් ඉන් පසු රු. 115ක් විම සෙවිය යුතුයි - නාමල්

දෙසැ 27, 2019

    ජනාධිපතිවරණයට පෙර රුපියල් අසූ පහට පැවැති සහල් ඉන් පසු එකවරම රුපියල් 115ට වුයේ කෙසේ දැයි සොයා බැලිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (27) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

    සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමය පැවති මිලට සහල් අලෙවි කිරීම සිදු කළත් මහා පරිමාණ මෝල් හිමියන් වැඩි මිලක් අය කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මසකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් අවශ්‍ය වන බවත් ඒ අනුව වසරකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 45ත්, ලක්ෂ පනහක් අතර ප්‍රමාණයක් රටේ අවශ්‍යතාවේ. ඊට සමාන වී ප්‍රමාණයක් මෙරට පවතින බවද ඔහු කියා සිටියේය. එම වී තොග සියල්ලම පොළොන්නරුවේ පවතින බවද හාල් එක ඇටයක් හෝ විදේශ රටවලින් ගෙන්වීම සිදු නොකළ යුතු බවයි නාමල් කරුණාරත්න මහතා පවසන්නේ. එසේ ගෙන් වුවහොත් ඊළඟ අස්වැන්නට විශාල හානියක් සිදුවන බව ද නාමල් කරුණාරත්න මහතා පවසයි.

    මේ වන විටත් සමුපකාර සමිති මෝල් හිමියන් විසින් සතොස ආයතනයට සහල් කිලෝවක් රුපියල් 70 බැගින් ලබාදෙන බවත් සතොස ආයතනය සහල් කිලෝවක් රුපියල් අසූ අටකට ව්‍යාපාරිකයන්ට අලෙවි කෙරේ. එ අනුව ව්‍යාපාරිකයන් විසින් රුපියල් 98 කට ජනතාවට අලෙවි කරන බවත් නාමල් කරුණාරත්න හෙළි කළේය.

    පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ වී මෝල් හිමියන් සම්බා, නාඩු සහ තම්බපු සහල් නිෂ්පාදනය නොකර පිරිවැයෙන් අඩු කැකුළු හාල් නිෂ්පාදනය කරමින් සිටින බව ද නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.   

    Latest News